Friday, May 20, 2011

HTML 101 (HTML මුල්ම පිම්ම...)

ඔන්න ඉතින් අපි අද අපේ පලවෙනි පාඩම පටන් ගන්න තමයි හදන්නේ..

මේ පාඩමෙන් මම කියල දෙන්න හදන්නේ අපි Web Designing කරන කොට ඕනම වෙන Programming Language එකක් ගැන..ඒකට තමයි HTML කියල කියන්නේ.. Web Designing කිව්වොත් ඉතින් HTML නැතුවම බෑ..මොකද අපිට කවදාවත්ම බෑ Website එකක් Design කරන්න HTML නැතුව.. හරි දැන් මේ දෙඩෙව්වා ඇති..අපි ඉක්මනටම වැඩේට බහිමු...

මුලින්ම කියල ඉන්නම් HTML කියන අකුරු 4 තේරුම මොකද්ද කියල..
HTML කියන්නේ HyperText Markup Language කියන එකට.. Markup Languages වල ඉස්සරහින්ම තියන Language එකක් තමයි HTML කියන්නේ..
(Markup Language එකක් කියන්නේ මොකද්ද කියලා මම විස්තර කරන්න යන්නේ නෑ.. දැන ගන්න ඕන කස්ටිය ඉන්නවනම් කියන්න..)

හ්ම්ම්..දැන් අපි බලමු අපි HTML වලින් Programming කරන්න නම් අපිට ඕන කරන Softwares මොනවද කියල..
    ඒවා තමයි......

  • NotePad එක.
  • මොකක් හරි Web Browser එකක්.. (උදා: IE, Firefox, Chrome,.....)
හරි දැන් අපි අපේ මුල්ම Website එක හදමු..

Step 01 (පියවර 01)
NotePad එක Open කරගන්න..

Step 02 (පියවර 02)
දැන් මෙන්න මේ Code එක NotePad එකේ Type කරන්න.. (මම මේක Type කරන්න කිව්වේ HTML Codes හුරු වෙන්න.. එහෙම කැමති නැත්තම් Code එක Copy කරලා NotePad එකේ Paste කරන්න..)

      <html>
         <head>
            <title>Welcome to My First Website</title>
         </head>
         <body>
            Hello World HTML...!!!!
         </body>
      </html>

Step 03 (පියවර 03)
දැන් NotePad එකේ Menu Bar එකේ File ගිහිල්ලා Save Select කරාට පස්සේ එන Dialog Box එකේ File Name කියන තැන index.html කියලා Type කරලා ඔයා කැමති තැනක Save කරගන්න..

Step 04 (පියවර 04)
දැන් ඉතින් index.html file එක Save කරපු තැනට ගිහිල්ලා ඒ file එක ඔයාගේ Web Browser එකෙන් Open කරලා බලන්න මොකක්ද එන්නේ කියලා...

මම ඊලඟ පාඩමෙන් අපි දැන් කරපු Code එකෙන් වෙන්නෙ මොකක්ද කියලා Explain කරල දෙන්නම්..
එතකන් පොඩ්ඩක් ඉවසල ඉන්න වේවි..(එහෙම ඉතින් ඉවසන්න අමාරුම නම් පොඩ්ඩ්ක් ගූගොල් එකේ සෑච් කොරල බලන්න. ඕන තරම් Articles හොයා ගන්න පුලුවන් වේවි... )  ;)

ඔයාලට මේ පාඩමෙ තේරෙන්නේ නැති තැන් එහෙම තියනවනම් එවා අහන්න..

එහෙනම් දැනට පොඩ්ඩක් විරාමයක්.. :)