Showing posts with label PHP. Show all posts
Showing posts with label PHP. Show all posts

Wednesday, May 16, 2012

PHP Lesson 02

ඔන්න අද මම කියල දෙන්න යන්නෙ කලින් Post එකෙන් අපි ඉගෙන ගත්ත echo කියන Command එක ගැන වැඩි විස්තර තමයි.

මේ Post එක වැඩිය ලොකු වෙන එකක් නෑ. පොඩි දෙයයි අද කියල දෙන්න තියෙන්නෙ. OK. So Let's get started.

අපි කලින් Post එකෙ කරේ මම පහල දාලා තියන Code එකනෙ.

<html>
<head>
<title>MY PHP Lesson</title>
</head>
<body>
<?php
echo "Hello PHP";
?>
</body>
</html>

අද අපි ඒකෙ තියන "Hello PHP" කියන එක වෙනුවට HTML Code එකක් දාලා බලමු මොකද වෙන්නෙ කියල.
හරි මෙන්න Code එක.


<html>
<head>
<title>MY PHP Lesson 2</title>
</head>
<body>
<?php
echo "<b>Hello PHP</b>";
?>
</body>
</html>


දැන් අපි මේ Code එක Run කරලා බැලුවම මොකද වෙන්නෙ කියලා බලා ගන්න පුලුවන්. මේක Run කරාම "Hello PHP" කියන එක Bold වෙනවනෙ. ඒ කියන්නෙ අපි දාපු HTML Code එක වැඩ කරා කියලනෙ. ම්ම්ම්... අදට ඔච්චර තමයි කියන්න වෙන්නෙ. ඔයාලා තව HTML Code දාලා බලන්න.


අපි පාඩම් ටික චුට්ට චුට්ට කරමු නෙ. නැත්තම් එක පාරට ලොකු ඒවා කියල දෙන්න ගියාම එපා වෙවි. :))


මම ඊලඟ පාඩමෙන් Special Characters ගැන කියල දෙන්නම්. ගොඩක් කට්ටිය දන්නවත් ඇති. ඒත් දන්නෙ නැති කට්ටියත් ඉන්නවනෙ.



Thursday, April 19, 2012

PHP මoගල Lesson එක

ඔන්න මම කලින් Post එකෙන් කිව්ව වගේ PHP Lesson එකක් දැම්ම..

ඔන්න කස්ටිය දැන් PHP ඉගෙන ගන්න නම් ඔයාලා use කරන IDE එක Open කරන්න. මම නම් use කරන්නෙ Dreamweaver IDE එක. ඔයාට IDE එකක් නැත්නම් Notepad එක open කර ගන්න. අපි මේ ගහන හැම code එකක්ම Notepad එකෙනුත් කරන්න පුලුවන්. :)

අපි code ගහන්න කලින් Computer එකට කියන්න ඕනනෙ අපි මේ ගහන්නෙ PHP codes කියල. HTML වල නම් <html> Tag එකෙන් කියන්නෙ දැන් මේ අපි HTML codes ගහනව කියලනෙ. ඒ Tag එකට කියන්නෙ HTML වල Opening Tag එක කියලනෙ. ඒ වගේම තමයි PHP වලටත් එහෙම Opening වගේම Closing Tag එකකුත් තියනව HTML වල </html> Tag එක වගේ.

ඉතින් PHP Start කරන්නෙ <?php එහෙමත් නැත්නම් <? Tag එකෙන්. ඒත් මේ tag 2න් වැඩියෙන්ම පාවිච්චි කරන්නෙ <?php කියන Tag එක. දැන් මේක Start කරා වගේම End කරන්නත් එපයි. සෝ PHP Script එක ඉවර කරන්නෙ ?> කියන Tag එකෙන්.

ඒ වගෙම තමයි PHP වල File Extension එක වෙන්නෙ .php කියලා. මේ PHP File එක ඇතුලෙ තියෙන්න පුලුවන් PHP Codes ම විතරක් නෙමෙයි HTML Codes, Javascripts, Ajax ඔය වගෙ හැම එකක්ම මේ PHP file එක ඇතුලෙ තියෙන්න පුලුවන්.

ඔන්න පල්ලෙහා තියනව මම කරන මුල්ම PHP Code එක.

<html>
<head>
<title>MY PHP Lesson</title>
</head>
<body>
<?php
echo "Hello PHP";
?>
</body>
</html>


ඔන්න ඕක තමයි මම කරන මුල්ම PHP Code එක. මෙකෙ echo කියන එකෙන් කියන්නෙ " " ඇතුලෙ තියන ඒවා print කරලා පෙන්නන කියල. ආහ් කියන්න තව පොඩ්ඩෙන් අමතක වෙනවා. අපි PHP වල හැම Statement එකක්ම ඉවර කරන්න ඕන semicolon (;) එකෙන්. Programming කරන ගොඩක් කට්ටිය නම් ඒක දන්නව. දන්නෙ නැති කට්ටියට තමයි මේ කිව්වෙ.. :)

දැන් අද Homework වලට දෙන්නෙ echo කියන එක වෙනුවට print කියලා දැම්මොත් මොකද වෙන්නෙ කියල ඔයාලා කරලා බලන්න. හැම එකක්ම මම කියල දුන්නම ඒකෙන් ඔයාලට වැඩක් වෙන්නෙ නෑ..

ඉතින් අදට මම පාඩම නවත්තනවා. ඊලඟ දවසෙ තව අළුත් පාඩමක් අරගෙන එන්නම්කො. එතකන් බායි.. :))

ප.ලි. : මොනා හලි පුරස්න තීනවනම් කොමෙන්ටුවකින් අහන්න.

Wednesday, September 28, 2011

PHP ඉගෙනීමට පෙර....

දැන් ඉතින් කට්ටිය PHP ඉගෙන ගන්න හිටියට වැඩක් නෑනේ.. ඊට කලින් කරන්න ඕන වැඩ ගොඩාක් තියනවනේ...
මම දැන් කියන්න යන්නෙ PHP අපි install කරගන්න විදිය ගැන..
අපි PHP ගැන ඉගෙන ගන්න කොට ඕන කරන ඒවා තමයි ගැන තමයි දැන් මම කියන්න යන්නෙ.

01. Apache Server එක :
අපි ලියන PHP Scripts run කරන්න තමයි Apache Server එක් ඕන..

02. PHP :
මේක ඉතින් නැතුව කොහොමත් අපිට PHP ඉගෙන ගන්න බෑනේ..

03. MySQL Server එක :
අපිට ඉතින් Database එක්ක ගණුදෙනු කරන කොට මේකත් ඕන වෙනවා..

මේ 3 ඉතින් වෙන වෙනම install කරනවට වඩා ලේසි ක්‍රමයක් ගැන තමයි මම දැන් කියන්න යන්නේ..
අනිත් ඉගෙන ගන්න අයටත් මේ Software එක use කරන එක හෙනම ලේසියි..

Software එකේ නම තමයි XAMPP..
http://www.apachefriends.org/en/xampp.html
මෙන්න මේ site එකට ගියාම ඔයාලට නිකම්ම XAMPP Software එක බා ගන්න පුලුවන්..

මේ Software එක install කරන හැටි ඉතින් මම කියලා දෙන්න ඕන නෑනේ..
එහෙම මොකක් හරි උදව්වක් ඕන නම් කොමෙන්ටුවක් දාන්න..

දැන් අලුතෙන් එන XAMPP Software එක install වෙන්නේ C:\ එකටනේ..

C:\xampp\htdocs\

මෙන්න මේ htdocs කියන Folder එක ඇතුලේ වෙන Folder එකක් හදලා ඒකට තමයි අපි කරන ඔක්කොම PHP files දාන්නේ..

උදාහරණයක් විදියට, අපි හිතමු අපි අර htdocs කියන Folder එක ඇතුලෙ mysite කියලා Folder එකක් හදලා ඒකට index.php කියලා අපි code කරපු PHP File එකක් දානවා.. දැන් අපිට මේ file එක run කරලා බලන්න  ඕන නම් කරන්නේ XAMPP Control Panel එකෙන් Apache Server එකයි MySQL Server එකයි Start කරන්න..

දැන් ඔයාගෙ Web Browser එක open කරලා
http://127.0.0.1/mysite/index.php    හෝ    http://localhost/mysite/index.php
Address Bar එකේ Type කරලා Enter කරන්න..

මම පලවෙනි Lesson එකේදි Screenshots දාලා කරලා පෙන්නන්නම්.. එතකොට තේරුම්ගන්න පුලුවන් වේවි දැන් තේරුනේ නැත්තම්.. :)


හ්ම්ම්ම්ම්...ඇති වගේ.. මම ගියා.. ටටා.. :)

Friday, September 9, 2011

PHP ඉගෙන ගනිමුද???

හප්පේ..කාලෙකට පස්සේ මතක් උනා post එකක් ලියන්න ඕන කියලා. ඉතින් මම අද ලියන්න යන්නේ PHP ගැන. හරි අපි දැන් PHP ඉගෙන ගන්න ඉස්සෙල්ලා දැනගන්න ඕන දේවල් ගොඩාක් තියනවා.. :) ඉතින් මම ඒවා එකින් එක කියල දෙන්නම්.. :)

PHP කියන එකේ තේරුම මොකද්ද??
--------------------------------------------------------
PHP කියන්නේ PHP: Hypertext Preprocessor කියන එකට.

Dynamic Webpages හා Static Webpages කියන්නේ මොනවද??
---------------------------------------------------------------------------------------------------
Static Webpage එකකට අපි සමහර වෙලාවට Flat Page කියලත් කියනවා. Static Page එකක තියන Content බොහෝ දුරට එකම එක තමයි තියෙන්නේ.. උදාහරණයක් ගත්තොත් අපි හිතමු ඔයාලගෙ School එකේ Website එක ගැන. ඒකෙ Home Page එක ගත්තම ගොඩක් වෙලාවට තියෙන්නේ එකම content එක නේද.? අවුරුදු ගානක් එකම content එක නේද තියෙන්නෙ. But සමහර school වල නම් ඉතින් ඒවා update කරනවා. අන්න ඒවගේ Pages වලට තමයි Static Webpages කියල කියන්නේ.

Dynamic Webpage එකක් ගත්තහම ඒවයි තියන Content හැමතිස්සෙම වෙනස් වෙන්න පුලුවන්. ඒකටත් උදාහරණ්යක් විදියට ගන්න පුලුවන් Facebook එකේ Homepage එක. ඒකෙ තියන content හැමතිස්සෙම වෙනස් වෙනවා නේද?? අනික මගේ Homepage එකේ පෙන්න ඒවා නෙමෙයි වෙන එක්කෙනෙක්ගේ Homepage එකේ පෙන්නනේ. නමුත් Static Page එකක මට පෙන්නන දේම තමයි වෙන එක්කෙනෙක්ටත් පෙන්නන්නේ..

සාමන්‍යයෙන් Static Webpages හදන්න තමයි අපි HTML use කරන්නේ. එතකොට ඔයාලට ප්‍රශ්නයක් එන්න පුලුවන් එතකොට කොහොමද Dynamic Webpage එකක් හදන්නේ කියලා. අන්න ඒකට තමයි PHP කරලියට එන්නේ.. :) නමුත් Dynamic Webpages හදන්න HTMLනුත් ඕන වෙනවා..  PHP වලට අමතරව ASP, JSP වගේ ඒවත් Dynamic Webpages හදන්න ගන්න පුලුවන්.

මම හිතනවා දැන් ඔයාලට Static & Dynamic Webpages ගැන idea එකක් එන්න ඇති කියලා.. :)

තව ඒතකොට ඔයලා දැනගන්න ඕන Server-Side Scripting Language කියන්නේ මොනවද කියලා. ඒවගේම දැනගන්න ඕන Client-Side Scripting Language කියන්නේ මොනවද කියලා.. නමුත් මම ඒවා ගැන මෙතන කියන්න යන්නේ නෑ. ඔයාලා පොඩ්ඩක් Google එකේ search කරලා බලන්න. :)

ම්ම්ම්....මම හිතන්නේ දැන් මේ PHP එකට දීපු Introduction එක හොදටම ඇති කියලා. මට මොනවහරි ගැන කියන්න අමතක වෙලා තියනවනම් කියන්න. මම ඒක කියලා දෙන්නම්.. :)

එහෙනම් දැනට ඇති කියලා හිතෙනවා.. ටටා බායි.. හැව් අ නයිස් ඩේ.. ;)