Friday, September 9, 2011

PHP ඉගෙන ගනිමුද???

හප්පේ..කාලෙකට පස්සේ මතක් උනා post එකක් ලියන්න ඕන කියලා. ඉතින් මම අද ලියන්න යන්නේ PHP ගැන. හරි අපි දැන් PHP ඉගෙන ගන්න ඉස්සෙල්ලා දැනගන්න ඕන දේවල් ගොඩාක් තියනවා.. :) ඉතින් මම ඒවා එකින් එක කියල දෙන්නම්.. :)

PHP කියන එකේ තේරුම මොකද්ද??
--------------------------------------------------------
PHP කියන්නේ PHP: Hypertext Preprocessor කියන එකට.

Dynamic Webpages හා Static Webpages කියන්නේ මොනවද??
---------------------------------------------------------------------------------------------------
Static Webpage එකකට අපි සමහර වෙලාවට Flat Page කියලත් කියනවා. Static Page එකක තියන Content බොහෝ දුරට එකම එක තමයි තියෙන්නේ.. උදාහරණයක් ගත්තොත් අපි හිතමු ඔයාලගෙ School එකේ Website එක ගැන. ඒකෙ Home Page එක ගත්තම ගොඩක් වෙලාවට තියෙන්නේ එකම content එක නේද.? අවුරුදු ගානක් එකම content එක නේද තියෙන්නෙ. But සමහර school වල නම් ඉතින් ඒවා update කරනවා. අන්න ඒවගේ Pages වලට තමයි Static Webpages කියල කියන්නේ.

Dynamic Webpage එකක් ගත්තහම ඒවයි තියන Content හැමතිස්සෙම වෙනස් වෙන්න පුලුවන්. ඒකටත් උදාහරණ්යක් විදියට ගන්න පුලුවන් Facebook එකේ Homepage එක. ඒකෙ තියන content හැමතිස්සෙම වෙනස් වෙනවා නේද?? අනික මගේ Homepage එකේ පෙන්න ඒවා නෙමෙයි වෙන එක්කෙනෙක්ගේ Homepage එකේ පෙන්නනේ. නමුත් Static Page එකක මට පෙන්නන දේම තමයි වෙන එක්කෙනෙක්ටත් පෙන්නන්නේ..

සාමන්‍යයෙන් Static Webpages හදන්න තමයි අපි HTML use කරන්නේ. එතකොට ඔයාලට ප්‍රශ්නයක් එන්න පුලුවන් එතකොට කොහොමද Dynamic Webpage එකක් හදන්නේ කියලා. අන්න ඒකට තමයි PHP කරලියට එන්නේ.. :) නමුත් Dynamic Webpages හදන්න HTMLනුත් ඕන වෙනවා..  PHP වලට අමතරව ASP, JSP වගේ ඒවත් Dynamic Webpages හදන්න ගන්න පුලුවන්.

මම හිතනවා දැන් ඔයාලට Static & Dynamic Webpages ගැන idea එකක් එන්න ඇති කියලා.. :)

තව ඒතකොට ඔයලා දැනගන්න ඕන Server-Side Scripting Language කියන්නේ මොනවද කියලා. ඒවගේම දැනගන්න ඕන Client-Side Scripting Language කියන්නේ මොනවද කියලා.. නමුත් මම ඒවා ගැන මෙතන කියන්න යන්නේ නෑ. ඔයාලා පොඩ්ඩක් Google එකේ search කරලා බලන්න. :)

ම්ම්ම්....මම හිතන්නේ දැන් මේ PHP එකට දීපු Introduction එක හොදටම ඇති කියලා. මට මොනවහරි ගැන කියන්න අමතක වෙලා තියනවනම් කියන්න. මම ඒක කියලා දෙන්නම්.. :)

එහෙනම් දැනට ඇති කියලා හිතෙනවා.. ටටා බායි.. හැව් අ නයිස් ඩේ.. ;)

2 comments: