Wednesday, September 28, 2011

PHP ඉගෙනීමට පෙර....

දැන් ඉතින් කට්ටිය PHP ඉගෙන ගන්න හිටියට වැඩක් නෑනේ.. ඊට කලින් කරන්න ඕන වැඩ ගොඩාක් තියනවනේ...
මම දැන් කියන්න යන්නෙ PHP අපි install කරගන්න විදිය ගැන..
අපි PHP ගැන ඉගෙන ගන්න කොට ඕන කරන ඒවා තමයි ගැන තමයි දැන් මම කියන්න යන්නෙ.

01. Apache Server එක :
අපි ලියන PHP Scripts run කරන්න තමයි Apache Server එක් ඕන..

02. PHP :
මේක ඉතින් නැතුව කොහොමත් අපිට PHP ඉගෙන ගන්න බෑනේ..

03. MySQL Server එක :
අපිට ඉතින් Database එක්ක ගණුදෙනු කරන කොට මේකත් ඕන වෙනවා..

මේ 3 ඉතින් වෙන වෙනම install කරනවට වඩා ලේසි ක්‍රමයක් ගැන තමයි මම දැන් කියන්න යන්නේ..
අනිත් ඉගෙන ගන්න අයටත් මේ Software එක use කරන එක හෙනම ලේසියි..

Software එකේ නම තමයි XAMPP..
http://www.apachefriends.org/en/xampp.html
මෙන්න මේ site එකට ගියාම ඔයාලට නිකම්ම XAMPP Software එක බා ගන්න පුලුවන්..

මේ Software එක install කරන හැටි ඉතින් මම කියලා දෙන්න ඕන නෑනේ..
එහෙම මොකක් හරි උදව්වක් ඕන නම් කොමෙන්ටුවක් දාන්න..

දැන් අලුතෙන් එන XAMPP Software එක install වෙන්නේ C:\ එකටනේ..

C:\xampp\htdocs\

මෙන්න මේ htdocs කියන Folder එක ඇතුලේ වෙන Folder එකක් හදලා ඒකට තමයි අපි කරන ඔක්කොම PHP files දාන්නේ..

උදාහරණයක් විදියට, අපි හිතමු අපි අර htdocs කියන Folder එක ඇතුලෙ mysite කියලා Folder එකක් හදලා ඒකට index.php කියලා අපි code කරපු PHP File එකක් දානවා.. දැන් අපිට මේ file එක run කරලා බලන්න  ඕන නම් කරන්නේ XAMPP Control Panel එකෙන් Apache Server එකයි MySQL Server එකයි Start කරන්න..

දැන් ඔයාගෙ Web Browser එක open කරලා
http://127.0.0.1/mysite/index.php    හෝ    http://localhost/mysite/index.php
Address Bar එකේ Type කරලා Enter කරන්න..

මම පලවෙනි Lesson එකේදි Screenshots දාලා කරලා පෙන්නන්නම්.. එතකොට තේරුම්ගන්න පුලුවන් වේවි දැන් තේරුනේ නැත්තම්.. :)


හ්ම්ම්ම්ම්...ඇති වගේ.. මම ගියා.. ටටා.. :)

No comments:

Post a Comment