Thursday, April 19, 2012

PHP මoගල Lesson එක

ඔන්න මම කලින් Post එකෙන් කිව්ව වගේ PHP Lesson එකක් දැම්ම..

ඔන්න කස්ටිය දැන් PHP ඉගෙන ගන්න නම් ඔයාලා use කරන IDE එක Open කරන්න. මම නම් use කරන්නෙ Dreamweaver IDE එක. ඔයාට IDE එකක් නැත්නම් Notepad එක open කර ගන්න. අපි මේ ගහන හැම code එකක්ම Notepad එකෙනුත් කරන්න පුලුවන්. :)

අපි code ගහන්න කලින් Computer එකට කියන්න ඕනනෙ අපි මේ ගහන්නෙ PHP codes කියල. HTML වල නම් <html> Tag එකෙන් කියන්නෙ දැන් මේ අපි HTML codes ගහනව කියලනෙ. ඒ Tag එකට කියන්නෙ HTML වල Opening Tag එක කියලනෙ. ඒ වගේම තමයි PHP වලටත් එහෙම Opening වගේම Closing Tag එකකුත් තියනව HTML වල </html> Tag එක වගේ.

ඉතින් PHP Start කරන්නෙ <?php එහෙමත් නැත්නම් <? Tag එකෙන්. ඒත් මේ tag 2න් වැඩියෙන්ම පාවිච්චි කරන්නෙ <?php කියන Tag එක. දැන් මේක Start කරා වගේම End කරන්නත් එපයි. සෝ PHP Script එක ඉවර කරන්නෙ ?> කියන Tag එකෙන්.

ඒ වගෙම තමයි PHP වල File Extension එක වෙන්නෙ .php කියලා. මේ PHP File එක ඇතුලෙ තියෙන්න පුලුවන් PHP Codes ම විතරක් නෙමෙයි HTML Codes, Javascripts, Ajax ඔය වගෙ හැම එකක්ම මේ PHP file එක ඇතුලෙ තියෙන්න පුලුවන්.

ඔන්න පල්ලෙහා තියනව මම කරන මුල්ම PHP Code එක.

<html>
<head>
<title>MY PHP Lesson</title>
</head>
<body>
<?php
echo "Hello PHP";
?>
</body>
</html>


ඔන්න ඕක තමයි මම කරන මුල්ම PHP Code එක. මෙකෙ echo කියන එකෙන් කියන්නෙ " " ඇතුලෙ තියන ඒවා print කරලා පෙන්නන කියල. ආහ් කියන්න තව පොඩ්ඩෙන් අමතක වෙනවා. අපි PHP වල හැම Statement එකක්ම ඉවර කරන්න ඕන semicolon (;) එකෙන්. Programming කරන ගොඩක් කට්ටිය නම් ඒක දන්නව. දන්නෙ නැති කට්ටියට තමයි මේ කිව්වෙ.. :)

දැන් අද Homework වලට දෙන්නෙ echo කියන එක වෙනුවට print කියලා දැම්මොත් මොකද වෙන්නෙ කියල ඔයාලා කරලා බලන්න. හැම එකක්ම මම කියල දුන්නම ඒකෙන් ඔයාලට වැඩක් වෙන්නෙ නෑ..

ඉතින් අදට මම පාඩම නවත්තනවා. ඊලඟ දවසෙ තව අළුත් පාඩමක් අරගෙන එන්නම්කො. එතකන් බායි.. :))

ප.ලි. : මොනා හලි පුරස්න තීනවනම් කොමෙන්ටුවකින් අහන්න.

2 comments:

  1. ලොකු ප්‍රශ්නයක් තියෙනවා.. මේ බ්ලොග් එක ඇයි ඉදිරියට ගේන්නේ නැත්තේ? සැහෙන්න කාලෙකින් පෝස්ට් එකක් වැටිලා නැහැ.. වැටුනත් සින්ඩි වල වැටෙන්නේ නෑ.. එහෙම කරන්න එපා.. ඔබේ දැනුමෙන් ප්‍රයෝජන ගන්න තව අය සුදානම්.. එකට ඉඩක් ලබා දෙන්න..

    ReplyDelete
  2. හ්ම්ම්...Post දාන්න ඕන. ලියන්න ගියාම හරි කම්මැලියි නෙ.ඉක්මනට Post දාන්න මම බලන්නම්. :))

    ReplyDelete